Values4All සාරධර්ම සංග්‍රහයේ ක්‍රියාකාරකම්

සාවද්‍ය සහ ව්‍යාජ තොරතුරු


තොරතුරු අපගේ පැවැත්මේ තීරණාත්මක අංගයක් වන අතර මනුෂ්‍ය වර්ගයාගේ දියුණුව හා අභිවෘද්ධිය සඳහා වූ මූලශ්‍රයක් ලෙස එය කටයුතු කරයි. අපගේ ජීවිත පවත්වා ගෙන යාමට, අන් අය සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහ මිනිසුන් සමඟ සහජීවනයෙන් ජීවත්වීමට අපට තොරතුරු අවශ්‍ය වේ. අද අප ජීවත් වන්නේ අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් සංසරණය වන ලෝකයක් තුළ වන අතර, මේවා නිර්මාණය කරනුයේ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය මෙන්ම සාම්ප්‍රදායික මාධ්‍ය වැනි අද්විතීය වූ මූලාශ්‍ර ගණනාවක් විසිනි. මෙම තත්ත්වය, වැදගත් ප්‍රශ්න කිහිපයක් පිළිබඳ සිතා බැලීමට අපව උනන්දු කරවා ඇත. එනම්,

  • තොරතුරු පාලනය කරන්නේ කවුද?
  • අපට විශ්වාස කළ හැක්කේ කාවද?
  • තොරතුරු හසුරුවන්නේ කවුරුන් විය හැකි ද?

අපගේ, සමාජ, ආර්ථික, දේශපාලන හා පාරිසරික යථාර්ථයන්ගේ පැවැත්ම තීරණය කිරීමේදී ඉහත සඳහන් ප්‍රශ්න වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එකී තත්ත්වයන් තුළ සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු බෙදා හරිනු ලැබුවහොත් ඒ තුලින් අති විශාල විනාශයක් නිර්මාණය කළ හැකි මෙන්ම මානවවාදී අර්බුද පවා ඇවිලී යා හැක.

සාවද්ය සහ ව්‍යාජ තොරතුරු සංසරණය වීමේ හැකියාව අන්තර්ජාලය විසින් තවදුරටත් පුළුල් කර සහ වර්ධනය කර ඇත. අධ්‍යයනවලින් පෙනී යන්නේ, සියලුම ආකාරයේ තොරතුරු වල සත්‍යතාවට වඩා, සැලකිය යුතු ලෙස, ඉතා වේගයෙන් සහ පුළුල් ලෙස සාවද්‍ය තොරතුරු පැතිර යන බවයි.

සාවද්ය සහ ව්‍යාජ තොරතුරු මගින් අපගේ සමාජය තුළ ඇති කරන ලද දරුණු ප්‍රතිවිපාක අපි දැනටමත් අත් දැක ඇත්තෙමු. එවැනි අයහපත් ප්‍රතිඵල අවබෝධ කර ගැනීමට සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම සඳහා සමාජය තුළ පවතින පොදු සාරධර්ම වලින් ශක්තිමත් කරන ලද මෙවලම් කිහිපයක් සාරධර්ම සංග්‍රහය තුලින් ඉදිරිපත් කරයි. තොරතුරු සාක්ෂරතා කුසලතා ඉහළ නැංවීම මෙහි අරමුණ වන අතර එමඟින් පුද්ගලයන්ට සත්‍යය සහ අසත්‍යය තොරතුරු මොනවාද යන්න වඩාත් හොඳින් තමන්ටම තීරණය කළ හැක. විශේෂයෙන්ම, පුද්ගල සාරධර්ම සහ සමාජීය සාරධර්ම යන දෙකම භාවිතා කරමින් සාවද්ය හා ව්‍යාජ තොරතුරු වලට එරෙහිව ක්‍රියා කිරිම සාරධර්ම සංග්‍රහය තුළින් අරමුණු කරයි. ඒ තුලින් ලබා දෙන දැනුවත්භාවය හරහා ඵලදායි තීරණ ගැනීම සඳහා තොරතුරු ලබාදෙන විට පුද්ගලයන්ට වඩාත් සුපරික්ෂාකාරීවීමේ හැකියාව වැඩි දියුණු කරයි.

සාරධර්ම සංග්‍රහයට ප්‍රධාන අරමුණු දෙකක් ඇත;

  • සාරධර්ම වෙතට සාවද්ය සහ ව්‍යාජ තොරතුරු වලින් ඇති බලපෑම අවබෝධ කර ගැනීම.
  • සාරධර්ම භාවිතා කරමින් සාවද්ය සහ ව්‍යාජ තොරතුරු වලට එරෙහිව ක්‍රියාකිරීම.
  • සාරධර්ම සංග්‍රහය යනු, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාකාරකම් හරහා සහභාගිවන්නන් සමඟ සම්බන්ධ වීම සඳහා, පහසුකම් සපයන්නන්ට යායුතු මාර්ගය පෙන්වන මාර්ගෝපදේශයක් පමණි. එබැවින්, ඉලක්කගත කණ්ඩායමට අනුව ක්‍රමවේදය වෙනස් කරගැනීමට පහසුකම් සපයන්නාට අවස්ථාව ඇත.

    එක් එක් ක්‍රියාකාරකම යටතේ සහභාගිවන්නන්ට තමන්ගේ දැනුම සහ අත්දැකීම් පරීක්ෂා කිරීමට උපකාර වන, මට්ටම් දෙකකින් නිර්මාණය කර ඇති ප්‍රශ්න සාරධර්ම සංග්‍රහයේ ඇතුලත් වේ;

  • නිර්දේශිත ප්‍රශ්න - අදහස් විමසීමේ කොටස යටතේ, සාකච්ඡාව ගොඩනැගීම සඳහා අවශ්‍ය නිර්දේශිත ප්‍රශ්න ඉදිරිපත් කරනු ලැබේ. ක්‍රියාකාරකම සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට සහ සාකච්ඡාවේ විවිධ මානයන් අවබෝධ කර ගැනීමට මෙම ප්‍රශ්න පහසුකම් සපයන්නන්ට උපකාරී වේ.
  • විකල්ප ප්‍රශ්න - පුද්ගලික අත්දැකීම් සහ සිදුවීම් බෙදාගැනීමෙන් සාකච්ඡාව වඩාත් ගැඹුරු මට්ටමකට හා පුළුල් විෂය පථයකට රැගෙන යාමට මෙම ප්‍රශ්න පහසුකම් සපයන්නන්ට උපකාරී වේ.
  • සාරධර්ම සංග්‍රය සැලසුම් කර ඇත්තේ තරුණ වැඩිහිටියන් සහ සාරධර්ම අධ්‍යාපනය හා තොරතුරු සාක්ෂරතාවය පිළිබඳ කැමැත්තක් දක්වන ඕනෑම පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින.

    අත්දැකීමක් අඟවන ක්‍රියාකාරකමක් කිරීමට සහභාගිවන්නන්ට මඟ පෙන්වන අතර ආරක්ෂිත පසුබිමක් තුළ විවෘත සාකච්ඡාවක් ආරම්භ කිරීමට සහභාගිවන්නන්ට මෙම අත්දැකීම අඩිතාලම සකස් කර දේ. සහභාගිවන්නන්ට තම පුද්ගලික කතාන්දර, අදහස් සහ මත බෙදා ගැනීමට හැකි වන පරිදි තමන්ගේ දැනුම සහ අත්දැකීම් පරීක්ෂා කිරීමට උපකාර වන, මූලික ප්‍රශ්න සමඟ සාකච්ඡාවට පහසුකම් සැලසෙනු ඇත.

    සාරධර්ම සංග්‍රහයේ සෑම ක්‍රියාකාරකමක්ම සංරචක 3 කින් සැලසුම් කර ඇත;

  • සිතුවිලි උපදවීම (ක්‍රියාකාරකම්, ශ්‍රව්‍ය දෘශ්‍ය, නාට්‍යමය ජවනිකා සහ වෙනත් මෙවලම්)
  • නව ඉගැනුම් සහ පෙර ඉගැනුම් අත්හැරීම (පුද්ගලික අදහස් / අත්දැකීම් සහ සාකච්ඡා)
  • යා කිරීම (බාහිර ලෝකය සමඟ ඉගෙන ගත් පාඩම් යා කිරීම සඳහා සංක්ෂිප්ත හා සාරාංශගත කිරීම)
  • තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි? තොරතුරු වල ඇති වැදගත්කම හෝ ඒ තුලින් අදහස් වන්නේ කුමක්ද?
  • සාවද්ය තොරතුරු යනු කුමක්ද? ව්‍යාජ තොරතුරු යනු කුමක්ද? මේ දෙක අතර වෙනසක් තිබේද?

  • සාවද්ය තොරතුරු: හිතාමතාම රැවටීමේ අදහසක් නොමැතිව නොදැනුවත්වම ඉදිරිපත් කරන වැරදි තොරතුරු.

    ව්‍යාජ තොරතුරු: හානියක් කිරීමේ අදහසින් ගොතන ලද හෝ හිතාමතාම මෙහෙය වන ලද තොරතුරු.

  • සාවද්ය තොරතුරු ලෙස ඔබ හඳුනා ගන්නේ මොනවාද? ව්‍යාජ තොරතුරු ලෙස ඔබ හඳුනා ගන්නේ මොනවාද? උදාහරණ කිහිපයක් සාකච්ඡා කරන්න.
  • ඔබ බොහෝ විට සාවද්ය හෝ ව්‍යාජ තොරතුරු දකින්නේ කුමන අවස්ථාවන්හී ද ? කොතැනකද ?