අන්‍යයන්ට ගරු කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව ඉගෙනගෙන එයඇගයීමට මෙම පරිච්ඡේදයේ ක්‍රියාකාරකම් සහභාගීවන්නන්ට උපකාරි වනු ඇත. ඔවුන්ගේ වයස, ජනවර්ගය, සංස්කෘතිය, ආගම හෝ ස්ත්‍රී - පුරුෂ භාවය නොසලකා සෑම දෙනාටම ගරු-සරු ලෙසකතා කරන ආකාරයහා හැසිරෙන ආකාරය සහභාගීවන්නන් විසින් අවබෝධ කර ගනු ඇත.
පොදු ගුණාංග
- ලංකාව තුළ ජනවර්ගය, ආගම හෝ භාෂාව පිළිබඳ සීමාවන්ගෙන් තොරව සෑම අයෙක්ම ශ්‍රී ලාංකිකයෙකි.
- සියලුම සංස්කෘතීන් එකිනෙකට වෙනස් වන අතර, වෙන් වෙන්ව පවතී.එම යථාර්තය අප එකමුතු කරනු ඇත.
- Tනිහතමානී බවක් නොමැති තැනැත්තාට අන් අයට ගරු කළ නොහැක.
- අනෙකාගේ වෘත්තිය කුමක් ද යන්න නොතකා මම සෑම දෙනා සමඟම කතා කරමි.
- එකිනෙකාට සහ එකිනෙකාගේ මත වලට ගරු නොකිරීම ආරවුල් ඇතිවීමට හේතුවක් වනු ඇත.