img_container
29 Aug

සමාජ මාධ්‍ය හරහා කතන්දර කීම

Venue : Zoom
Date : 08/29/2020
Time : 07:45 PM

‘Digital Storytelling’ හී (ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කතන්දර කීමේ කලාවේ) නිර්මාතෘ මෙන්ම Daily Mirror හි මාධ්‍යවේදියෙකු වන බෙනිස්ලොස් තුෂාන්, කොවිඩ් 19 කාලවකවානුව තුල තරුණයින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් පෙන්නුම්කරන කරුණු කාරනා කතා බහ කිරීමට Values4All වැඩසටහන විසින් අන්තර් ජාලය ඔස්සේ සිදුකළ සාකච්ඡා මාලාව හා එක් විය. “කොවිඩ් 19 කාලවකවානුව තුළ යෞවනයන් සහ තොරතුරු තාක්ෂණය” යන තේමාව ඔස්සේ අන්තර් ජාලය හරහා සිදුකරන සාකච්ඡා මාලවේ එක් අංගයක් වූ මෙම සාකච්ඡාව 2020 අගෝස්තු 29 වන දින Zoom තාක්ෂණය හරහා සිදුකරන ලදි . මෙහිදි බෙනිස්ලොස් කතන්දර කීමේ ප්‍රයෝජන ගැන කතාබහ කළ අතර සමාජ මාධ්‍ය හරහා යෞවනයන්ට තමන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වයන් වැඩිදියුණු කර ගත හැකි ආකාරයන්ද මෙහිදී බෙදා ගන්නා ලදි. ඔහුට අනුව මේ තුළින් නිරූපණය කරන්නේ කථකයා විසින් සවන්දෙන්නන්ට අදහස්, හැඟීම් සහ තොරතුරු දැනුම් දෙන ක්‍රියාවලියක් වු බැවින් ඔහු මුලින්ම ලෝකයේ සෙසු ප්‍රජාව හා අදහස් හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස කතන්දර කීම ඵලදායී ක්‍රමවේදයක් ලෙස ප්‍රචලිත කරන ලදි. මේ තුල සැඟව ඇති අදහස වන්නේ සෑම මිනිසෙක්ම කතන්දර කාරයෙක් බවයි. චිත්‍රපටයක් සඳහා යමෙකුගේ ප්‍රතිචාර බෙදා ගැනීම, කතාන්දරයක් කියන ආකාරයට හැඟීම් බෙදාගැනීම හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ පොදු උදාහරණ බෙනිස්ලොස් බෙදා ගත්තේය. ඡායාරූප, කවි, වීඩියෝපට , කාටූන් හරහා පමණක් නොව Memes හරහා ද කතාන්දර හුවමාරු කරගැනීමට විවිධ ක්‍රම තිබුණද, කතන්දර කීම සඳහා අද වැඩිපුරම භාවිතා කරන මෙවලම ලෙස සමාජමාධ්‍ය පත්ව ඇත. තොරතුරු හුවමාරු කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රීයකරණය ගැන කතාබහ කරමින් බෙනිස්ලොස් පෙන්වා දුන්නේ - අන්තර්ජාලයට ස්තූතිවන්තවන්න තොරතුරු හුවමාරු කරගැනීම තවදුරටත් මාධ්‍යවේදීන්, ලේඛකයින් වැන්නට පමණක් සීමා නොවී ඕනෑම පුද්ගලයෙකු ට තොරතුරු හුවමාරු කර ගත හැකි ආකාරයට කතන්දර කීමේ කලාව විකාශනය වී ඇති බවයි. කතන්දරකරුවෙකු සාමාන්‍ය අකර්මණ්‍ය කථිකයෙකු ලෙස සැලකීමට ලක් වූ නමුත් අද ඔවුන් පෙරට වඩා ක්‍රියාශීලී වන අතර කතාවේ ද සහභාගිවන්නෙකු ලෙස ප්‍රතික්‍රියා දක්වන්නෙකු ලෙස ද වඩාත් ප්‍රබල භූමිකාවක් දරයි. එමෙන්ම අන්තර්ජාල විප්ලවය, බොහෝ සෙයින්ම ස්මාර්ට් ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය විප්ලවය කතන්දර කීමේ කලාව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන බව ඔහු ප්‍රකාශ කර සිටියේය. ඔහු ඔහුගේ එම ප්‍රකාශය තවදුරටත් සනාථ කරමින් හූට්සුයිට් (Hootsuite) විසින් 2020 දී කරන ලද සමීක්ෂණයේ කරුණු උපුටා දක්වමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එය වාර්ෂිකව 9.2% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් පවසා සිටියේ ය . තොරතුරු හුවමාරු කිරීමේ ප්‍රජාතන්ත්‍රීයකරණය පෙන්වීමට බෙනිස්ලොස් සාම්ප්‍රදායික මාධ්‍ය ජනමාධ්‍ය සමඟ සංසන්දනය කළේය. ආරම්භයේ සිටම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ පුවත්පත්, ගුවන් විදුලි හා රූපවාහිනීය ආධිපත්‍යය දරන ලදි. අසාධාරණ ලෙස පනවා ඇති සීමාවන් නිසා කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට පහසුවෙන් ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත් කිරීමට හෝ හුවමාරු කර ගැනීමට නොහැකි විය. නමුත් නව මාධ්‍ය ලෙස හඳුන්වන ජනමාධ්‍ය සමඟ දැන් ඕනෑම කෙනෙකුට තොරතුරු බෙදාගැනීමට හැකි වී ඇත. මෙම තොරතුරු සාමාන්‍ය පුරවැසියන් විසින් සුදුසු හා සැබෑ යැයි සලකන දේ ග්‍රහණය කර ගන්නා රචනා, විවේචන, කවි, ගීත සහ ඡායාරූප ස්වරූපයෙන් විය හැක. මාධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය මේ තුලින් ඔප්පු වේ. සාම්ප්‍රදායික මාධ්‍ය සම්බන්ධයෙන් ගත් කළ, යම් සිදුවීමක් රූපගත කිරීමට හෝ ඡායාරූපගත කිරීමට අපට අදාළ ස්ථානයකට යා යුතු නමුත් ජනමාධ්‍ය සමඟ කටයුතු කිරීමේ දි අපට සිදුවෙමින් පවතින සිදුවීම් සහ අපේක්ෂිත තත්ත්වයන් ඉක්මනින්ම හුවමාරු කර ගත හැක. සාම්ප්‍රදායික මාධ්‍ය පිටත සිට ඇතුලත බලන අතර ජනමාධ්‍ය ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කරමින් අභ්‍යන්තරයේ සිට බෙදාගන්නා ප්‍රවෘත්ති (සම්පාදනය හා ප්‍රකාශනය ඇතුළුව) සම්බන්ධයෙන් කතන්දරකරු වගකීම ගත යුතු බව බෙනිස්ලොස් අවධාරණය කරයි. මෙම මාධ්‍ය දෙකම කතන්දර කීමට අත්‍යවශ්‍ය බව බෙනිස්ලෝස් සඳහන් කළේය. සමාජ මාධ්‍ය යනු යෞවනයන්ට කතන්දර කීම සඳහා භාවිතා කළ හැකි තීරණාත්මක වේදිකාවක් බව අපට පසක් කර දෙමින් ඔහු කතාබහ අවසන් කරන ලදි.