Values4All – දිස්ත‍්‍රික් මට්ටමේ පුහුණුවිම්
Values4All වැඩසටහන යටතේ ආසියා පදනම විසින් ජාතික තරුණ සේවා සභාව සහ Sri Lanka Unites ආයතනය සමග සහයෝගිත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමේ පුහුණු වැඩසටහන් මාලාවක් අවසන් කරන ලදි. 2018 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කළුතර, ත‍්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මන්නාරම සහ වවුනියාය යන දිස්ත‍්‍රික්කයන්හි මෙම පුහුණව සිදුවිය. මෙම පුහුණු මාලාව සඳහා ජාතික තරුණ සේවා සභාව සහ Sri Lanka Unites, සර්වෝදය සහ රොටරැක්ට් යන ආයතන නියෝජනය කරමින් යොවුන් පුහුණුකරුවන් රැසක් සහභාගි වූහ. දිස්ත‍්‍රික් මට්ටමේ පුහුණු පාඨමලාවලට පෙර ආසියා පදනමේ සාරධර්ම සංග‍්‍රහය පිළිබඳ මනාසේ පුහුණුව ලැබූ දෙමළ සහ සිංහල තරුණ පුහුණුකරුවන් විසින් දෙමළ සහ සිංහල යන භාෂා දෙකෙන්ම පුහුණුව පවත්වන ලදි. අන්තර්ක‍්‍රියාකාරී ක‍්‍රියාකාරකම් සහ විස්තරාත්මක සැසි මාලාවක් මගින් පහත සඳහන් මානවවාදි වටිනාකම් ආවරණය කරන ලදි: සක‍්‍රිය සවන්දීම, සාමය, ගෞරව කිරීම, කරුණාව, ඉවසීම, අවංකභාවය සහ සහයෝගය (එක්ව වැඩ කිරීම). මෙම අවස්ථාවේ සාරධර්ම සංග‍්‍රහයේ ඩිජිටල්ගත කරණ ලද අනුවාදය සහභාගිවන්නන් වෙත ඉදිරිපත් කරන ලද අතර මෙය ඉක්මනින්ම ‘ගූගල් ප්ලේ ස්්ටෝර්’ ඔස්සේ ඔවුන්ට ලබා ගත හැකි වනු ඇත. ලබන වසරේ ඉහත සඳහන් දිස්ත‍්‍රික්කයන්හි විවිධ තරුණ සංවිධාන අතර සාරධර්ම සංග‍්‍රහය ප‍්‍රචලිත කරනු ඇත.