img_container
03 Jan

“ඉගෙනුම සහ බෙදාගැනීම සඳහා පසුවදනක්”: Values4All ඒකාබද්ධ වැඩමුළුව - කුරුණෑගල 2019

Venue : Thulhiriya - Kurunegala
Date : 01/03/2019
Time : 08:00 AM

ජාතික තරුණ සේවා සභාව, සර්වෝදය සහ රොටරැක් හි Values4All වැඩසටහනින් බිහිවූ තරුණ පුහුණුකරුවන්, කුරුණෑගල මාස් ඇතීනා හිදි, 2019 පෙබරවාරි මස 26 දින සිට 28 දක්වා පවත්වන ලද ඒකාබද්ධ වැඩමුළුවට එක් විය. ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි කළුතර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, අම්පාර, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් පැමිණි පුහුණුකරුවන්ට තම සෙසු පුහුණුකරුවන් මුණගැසීමට, එකිනෙකාගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට සහ එකිනෙකා මුහුණදුන් අභියෝග තුලින් පාඩම් ඉගෙන ගැනීමට මෙන්ම 2017 වසරේ සිට මේ දක්වා වූ ගමන් මග දෙස ආපසු හැරී බැලීමට මෙය අනගි අවස්ථාවක් විය. වැඩසටහනේ ප්‍රථම දිනය ආසියා පදනම, අධ්‍යාපන අමාත්‍යාංශය Sri Lanka Unites හී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවෙති අතර එහි ප්‍රධාන දේශනය අධ්‍යාපන අමාත්‍යාංශයේ නැණසල e -තක්සලාව ඒකකයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා, සුමුදු වාසනා මහත්මිය විසින් සිදුකරන ලදි. එහිදි ඇය විසින් තොරතුරු තාක්ෂණයේ ඇති වැදගත්කම සහ සාරධර්ම ඉගෙනුම් කෙරෙහි එමගින් ඇතිවන බලපෑම විශේෂයෙන්ම පෙන්වාදෙන ලදි. සාරධර්ම සංග්‍රහය සහ සාරධර්ම පිළිබඳ අවබෝධය, ගැටුම් අවම කරගැනීම සඳහා වූ නිවරිදි සන්නිවේදනය, ගැටුම් වර්ධනයවීම කළමනාකරණය, සහජීවනය පිළිබඳ අවබෝධය සහ අතීත සිද්ධීන් මත පදනම් වූ අත්දැකීම් තුලින් ඉගැන්වීම වැනි විවිධ මාතෘකා ඔස්සේ සිදුකරන ලද පසුගිය සැසි පදනම් කරගත් අන්තර් ක්‍රියාකාරී ක්‍රියාකාරකම් වලින් වැඩමුළුව සමන්විත විය. ජාතික සමඟිය හා සංහිදියා කාර්යාංශය විසින් නිෂ්පාදනය කරන ලද අශෝක හඳගම, ප්‍රසන්න විතාන සහ විමුක්ති ජයසුන්දර යන සම්මානලාභී ශ්‍රී ලාංකීය සිනමාකරුවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද“ඔහු, ඇය සහ අනිකා යන කීරිතිමත් චිත්‍රපටිය නැරඹීමට ද තරුණ පුහුණුකරුවන්ට අවස්ථාව ලැබිණ. ඉන් අනතුරුව පවත්වන ලද මණ්ඩප සාකච්ඡාවේ දි චිත්‍රපටිය පිළිබඳ අදහස් බෙදා හදා ගැනීමටද ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන ලදි. Pic Your Values ඡයාරූප තරඟයේ ජයග්‍රාහී, ආධුනික ඡයාරූප ශිල්පීනී සුයෝතාමී යෝගනාදන් මහත්මියට, ඇය ජයග්‍රහණය කරන ලද සම්මානය සමඟ මෙම වැඩමුළුවට සහභාගීවන ලෙස ආසියා පදනම විසින් ආරාධනා කරන ලදි. මෙම තරඟය,සාරධර්ම සංග්‍රහය යටතේ උගන්වන ලද සාරධර්ම හතෙන් එකක් නිරූපණය කරන ඡායාරූප ඉදිරිපත් කිරීම සඳහා දිවයින පුරා විසිරී සිටින ඡායාරූප ශීල්පීන් වෙනු වෙන් ආසියා පදනම විසින් සංවිධානය කරන ලද්දකි. ආසියා පදනම, ශ්‍රී ලංකා ඡායාරූප සංගමය හා එක්ව මෙය සංවිධානය කරන ලද අතර මේ සඳහා Camera.LK අනුග්‍රහය දක්වන ලදි. ජයග්‍රාහී තරඟකාරිනිය වන යෝගනාදන් මහතත්මියට ශ්‍රී ලංකා ඡායාරූප සංගමය විසින් පදක්කමක් පිරිනමන ලද අතර Camera.lk. විසින් ඇයට රුපියල් 50,000 ක් වටිනා තෑගි වවුචරයක් ලබා දෙන ලදි. සමස්ථයක් ලෙස මෙම වැඩමුළුව ඉතාමත් සාර්ථක එකක් වූ අතර තරුණ පුහුණුකරුවන්ට Values4All පුහුණුකරුවන් ලෙස එකිනෙකා හමුවීමට සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට ද මෙය කදිම අවස්ථාවක් විය. පුහුණුකරුවන් එතැන් පටන් ආරම්භවන සාරධර්ම සංග්‍රහය ඉදිරියට ගෙනයාමේ පියවරෙහි වගකීම දරනු ඇත. ඒ සඳහා ඔවුන්ගේ ගමන දැන් ආරම්භ කළයුතුව ඇත. ඒ සඳහා තම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගීවීමට නියමිත75 දෙනෙකුගෙන් සමන්විත තරුණ කණ්ඩායමක් පුහුණුකළ යුතුව ඇත.