ක්‍රමිකව සාරධර්ම ඉගෙන ගැනීමට සහ හුවමාරු කරගැනීමට උපකාරී වන වේදිකාව - සාරධර්ම සංග්‍රහය පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ පුහුණු වැඩසටහන්
ඉමහත් අපේක්ෂාවන්ගෙන් බලා සිටී දිස්ත්‍රික් මට්ටමේ සාරධර්ම සංග්‍රහය පිළිබඳ පුහුණු වැඩසටහන් (අගෝස්තූ 26 සිට ඔක්තෝබර් 5 දක්වා) අති සාර්ථක ලෙස අවසන් විය. බොහෝ තරුණ නායකයින් සහ ක්‍රියාකාරීන් ( වයස අවුරුදු 18 ත් 29 ත් අතර) ඔවුන්ගේ හදවත්වලට සමීප සාරධර්ම ඉගෙන ගැනීමට සහ ඒවා අන් අය හා බෙදා ගැනීමට මහත් උද්‍යෝගයෙන් පුහුණුවට සහභාගී වූ අයුරු අපට දැකගත හැකිවිය. සර්වෝදය සහ ජාතික තරුණ සේවා සභාවේ සහයෝගය ඇතිව මෙම ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ කළුතර, වවුනියාව,මන්නාරම, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ අම්පාර යන සෑම දිස්ත්‍රික්කයකම පුහුණ වැඩසටහන් සංවිධානය කරන ලදි. සෑම දිස්ත්‍රික්කයකම දින 5 ක් පුරා මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදි. පළමු දින දෙක තරුණ පුහුණුකරුවන්ට නව පුහුණුවක් ලබා දීමට වෙන් වූ අතර ඊළඟ තෙදින තුල, පුහුණුව ලැබූ තරුණ පුහුණුකරුවන් විසින් දිනකට 25 දෙනෙකූගෙන් යුත් තරුණ සහභාගිවන්නන් කණ්ඩායමක් සඳහා සාරධර්ම සංග්‍රහය පිළිබඳ එක් දින වැඩම්‍රුළු පවත්වන ලදි. පුහුණුකරුවන් සදහා Values4all හි උපදේශකයන් වන රම්සි සෙයින්ඩීන් මහතා සහ තෙවුනි කොටිගල මහත්මියගේ අඛණ්ඩ මඟපෙන්වීම් සහ සහයෝගය ලැබුණි. පුහුණුවීම් සඳහා තරුණ, තරුණියන් 450 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඔවුන් සර්වෝදය , ජාතික තරුණ සේවා සභාව, රොටරැක්, කඵතර තරුණ පදනම, බ්‍රිජින් ලංකා ඕගනයිෂේශන් (මන්නාරම), තරුණ තරු තරුණ සංවිධානය (කින්නියා, ත්‍රිකුණාමලය) කාන්තා ග්‍රාම සංවර්ධන සමිති (ත්‍රිකුණාමලය) බලාපොරොත්තු සහිත ස්වේච්ඡා සේවකයන් (අම්පාර) සහ ජීනියස් 7 ( අම්පාර) ඇතුඵ දිස්ත්‍රික් මට්ටමේ තරුණ සංවිධාන ගණනාවකට අයත් වූහ. එදිනෙදා ජීවිතයේ සාරධර්මවල වැදගත්කම තරුණ තරුණියන්ට අවබෝධ කර ගැනීමට උපකාර වන අත්දැකීම් හුවමාරුකරගැනීම්, අදහස් ඉදිරිපත් කිරීමේ සැසි සහ අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් වලින් පුහුණුව සමන්විත විය.පුහුණුව අතරතුර තරුණ පුහුණුකරුවන්ගෙන් මෙන්ම සහභාගිවන්නන්ගෙන්ද ඔවුන් ලද අත්දැකීම් පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර අප වෙත ලැබුණි.සමස්තයක් ලෙස ගත් කල, පුහුණුකරුවන්ගෙන් 50% කට වඩා වැඩි පිරිසකගේ සාරධර්ම විෂය මාලාව පිළිබඳ අවබෝධය වැඩි දියුණුවී තිබුණ අතර, එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ 97% ක් වූ සැලකිය යුතු ඉහළ අගයක් පෙන්නුම් කෙරිණ. තමන්ගේ අවට පරිසරය ඇතුලත (පාසල්, සංගම් සහ වෘත්තීය සංවිධාන) සාරධර්ම සංග්‍රහය පිළිබඳ පුහුණුව භාවිතා කිරීමට සියලුම සහභාගිවන්නන් උනන්දුවක් දැක්වූ අතර ඒ අතරින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරන (92%) තරුණයින් අතර විශේෂ උනන්දුවක් පෙනෙන්නට තිබුණි. සාරධර්ම විෂයමාලාවේ මෙම පළමු අදියර අවසන් වීමත් සමඟ, අපි දෙවන අදියර කරා ගමන් කරන්නෙමු - එය ඔක්තෝබර් මස මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිතය.ඔබ සාරධර්ම පිළිබඳ වැඩිදුර ඉගෙනීමට කැමති තරුණයෙක් හෝ තරුණියක් නම්, අපගේ වෙබ් අඩවිය වන www.values4all.lk හරහා හෝ අපගේ ෆේස්බුක් සහ ට්විටර් පිටු හරහා අප හා සම්බන්ධ වීමට ඔබට හැක. සාරධර්ම සංග්‍රහය පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති Values4all ජංගම යෙදුම Values4all mobile app බාගත කරගන්නා ලෙස අපි ආරාධනා කරමු.