මෙම පරිච්ඡේදයේ ඇති ක්‍රියාකාරකම් සඳහා සහභාගීවන්නන්ට සාමය යනු කුමක්ද? යන්න පිළිබඳ ගැඹුරින් අවබෝධ කර ගැනීමට උපකාරී වේ. සෑම මනුෂ්‍යයකුටම සාමය අවශ්‍ය වේ යන්න සහ සෑම පුද්ගලයෙකුට සාමයෙන් ජීවත් වීමට අයිතියක් ඇත යන්න සහභාගීවන්නන් විසින් අවබෝධ කරගනු ලැබේ.සක්‍රීය සවන් දීමෙන් සහ ධනාත්මක භාෂාවක් භාවිත කිරීම තුළින් ගැටුම් නිරාකරණය කරගත හැකි බව මෙම ක්‍රියාකාරකම් තුළින් පෙන්වා දෙයි.
පොදු ගුණාංග
- ‘සාමය ආරම්භ වන්නේ සිනහවකිනි.’ – මදර් තෙරේසා
- ‘ඇසට ඇසක් සංකල්පය ක්‍රියාත්මක වුවහොත් මුළු ලෝකයම අන්ධ වනු ඇත.’ – මහත්මා ගාන්ධි
- ‘ඔබට අත්පත් කරගත හැකි වඩාත්ම වටිනා වස්තුව වන්නේ විවෘත හදවතයි. ඔබ ළඟ තිබිය හැකි බලගතුම ආයුධය විය හැක්කේ සාමයි.’ – කාර්ලෝස් සැන්ටානා
- ‘අනුන් සමග යුධ වදින්නන් තුළ සාමය නොමැත. ’ – විලියම් හැස්ලිට්
- ‘සාමය යනු යුද්ධයෙන් තොරවීමක් පමණක් නොවේ, සාධාරණත්වය පැවතීම සහ බියෙන් තොරව ජීවත්වීමට ඇති හැකියාවයි.’ – උර්සුලා ෆන්ක්ලීන්
- ‘සත්‍ය සෙවීමේ දී තවත් කෙනෙකුගේ විරුද්ධවාදියා හිංසාවට ලක්කිරීමට ඉඩ දෙන්නේ නැත.’ – මහත්මා ගාන්ධී